Monday, December 13, 2010

පාසල් නිවාඩුවට කෝච්චියෙන් බණ්ඩාරවෙල යමු.....

පාසල් නිවාඩු කාලය වෙනුවෙන් කොළඹ සිට බණ්ඩාරවෙල දක්වා විශේෂ නගරාන්තර දුම්රිය සේවයක් ආරම්භ කර තිබෙනවා.
එහි පළමු පියවර වශයෙන් අද(13) උදෑසන 8 .35ට කොළඹ කොටුවේ සිට බණ්ඩාරවෙල දක්වා විශේෂ දුම්රියක් පිටත්ව්ණා.
අද සිට දවසක් හැර දවසක් කොළඹින් දුම්රිය පිටත් වන මේ දුම්රිය ඊළඟ දිනයේදී බණ්ඩාරවෙල සිට කොළඹ දක්වා දුම්රිය ධාවනය කිරීමට නියමිතයි.

සාමාන්‍ය පෙළ විභාගය අද ආරම්භ වුණා....

සාමාන්‍ය පෙළ විභාගය අද ආරම්භ වුණා.ලංකාවේ අධ්‍යානය ක්‍රමයට අනුව ශිෂ්‍යත්ව විභාගයෙන් පසුව මුහුණ දෙන පාසල් ලමුන් මුහුණ දෙන පළමු කඩිනම් විභාගය වන්නේ සාමාන්‍ය පෙළ විභාගයයි.ශිෂ්‍යත්ව විභාගයයි සමාජයේ සාමාන්‍ය වියවාහරයේදී හදුන්වනු ලබන්නේ අම්මලාගේ විභාගය ලෙසයි.මොකද ඒ විභාගයට දරුවන්ටත් වඩා උනන්දු වන්නේ අම්මලා.
සුපිරි පාසල් වලට ලමුන් ඇතුලත් කර ගනු ලබන ප්‍රධාන සාධකය වන්නේ ශිෂ්‍යත්ව විභාගයේ ලකුණු මට්ටම වීම හේතුවයි.මෙවර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන සියළු දෙනාට මගේ සුභ පැතුම් එක් කරනවා......

Friday, November 19, 2010

ඉහළ කොත්මලේ උමග බලන්න යමුද?

ඉහළ කොත්මලේ ජල විදුලි ව්‍යාපෘතිය යටතේ ඉදිකෙරුණු දීර්ඝතම උමග නැරඹීම සඳහා විශේෂ අවසර පත්‍රයක් නිකුත් කරන්නට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය තීරණය කරලා තිබෙනවා. අදාළ අවසර පත වෙන්කරවා ගැනීම සඳහා විශේෂ දුරකථන අංක දෙකක් ද එම අමාත්‍යාංශය මඟින් ප්‍රකාශයට පත් තළා. ඒ අනුව දුරකථන අංක 0772 49 28 54 සහ 0773 17 96 30 ඇමතීමෙන් අදාළ අවසර පත් වෙන්කරවා ගත හැකිය.

Friday, November 12, 2010

16 වැනි ආසියාතික ක්‍රීඩා උළෙල ඇරඹෙයි

16 වැනි ආසියාතික ක්‍රීඩා උළෙල චීනයේ"ගුඇංෂු"නුවර දී ඊයේ ආරම්භ වුණා.මෙවර තරගාවලියට ආසියානු කලාපය නියෝජනය කරමින් රටවල් 45 ක් සහභාගී වනවා..ක්‍රීඩා 55 ක් යටතේ තරග ඉසව් 476 ක් මෙවර තරගාවලියට ඇතුළත් වේ. මින් ක්‍රීඩා ඉසව් 21 ක් සඳහා ‍ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉදිරිපත් වන අතර ආසියානු තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමට නිලධාරීන් ද ඇතුළුව ක්‍රීඩක ක්‍රීඩිකාවන් 107 ක් දෙනෙක් අයත් වනවා.

අල්ජසීරා සාමාජිකයින්ට වීසා අවලංගුයි.


ශ්‍රී ලංකාවට ඇතුළු වීම සඳහා වීසා අයදුම් කළ අල්ජසීරා රූපවාහිනී නාලිකාවේ සාමාජිකයින් තිදෙනෙකුගේ වීසා අවලංගු කිරීමට රජය පියවර ගෙන තිබෙනවා. විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් මෙම තීරණය ගෙන තිබෙන්නේ.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවන පදවි ප්‍රාප්ති උත්සවය ආවරණය කිරීම සඳහා මෙම මාධ්‍ය කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණීමට ඉල්ලීම් කර තිබෙනවා..
නමුත් පසුගිය බදාදා දිනයේ දී අල් ජසීරා රූපවාහිනී නාලිකාව තුළින් මානුෂීය මෙහෙයුම් සමයේ යුද හමුදාව විසින් දෙමළ වැසියන් ඝාතනය කළ බවට පවසමින් ව්‍යාජ දර්ශන ප්‍රචාරය කරනු ලැබුවා.ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය සිය විරෝධය පළ කළ අතර එම විකාශනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතයි.

Wednesday, November 3, 2010

අම්පාර ගිහින් කොළඔ එන ගමන් මඩකලපු යමු.......

තිස් වසරක් පුරා මෙරට පැවති තුස්තවාදී කලබල හේතුවෙන් මඩකලපුව හරහා අම්පාර කොළඔ බස් සේවාව ඇණ හිටියා.දැන් යුද්ධය අවසන් 1983 වර්ෂයේදී නවතනු ලැබු මෙම බස් සේවාව නැවතත් පසුගිය දා ආරමිභ වුණා.උදෑසන අටට මඩකලපුවෙන් පිටත් වන මෙම බස් සේවාව කල්මුණේ මඩකලපුව හරහා කොළඔට ලගා වන අතර පස්වරු පහට නැවත මඩකලපු බලා පිටත් වෙයි.

අනාගත ලෝකය භාර ගන්නන්ට මොකද මේ වෙලා තියෙන්නේ????

ලංකාව කියන්නේ නිදහස් අධ්‍යාපනයක් තිබෙන රටක්.ඒ වගේම අයවැයෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් මෙරට අධ්‍යාපනය සදහා වැය වනවා.නමුත් මේ දවස් වල අපේ රටේ වෙන දේවල් ඇහෙන කොට ඒ වියදම් කරන සල්ලි අපරාධයක් කියලා හිතෙනවා.
උසස් පෙළ සමත් වෙලා ළමයි විශ්ව විද්‍යාලයට යන්නේ තම උපාධි සදහා. නමුත් දැන් තත්වය වෙනස්.දැන් විශ්ව විද්‍යාල වල සිසුන් රාජකාරිය වෙලා තියෙන්නේ අයිතිවාසිකම් ඉල්ලමින් පෙළපාලි යාම,තමන්ට සිදු වන අසාධාරණකම් ගැන උස්ඝෝෂණ පැවැත්වීමයි. මේ දේවල් නිසා මේ වන විට ලංකාවේ විශ්ව විද්‍යාල බොහෝමයක පන්ති පැවැත්වෙන්නත් නැහැ.
මේ අතරතුර අද කොළඔ ජනප්‍රිය පාසල් දෙකක සිසුන් දෙපිරිසක් අතර ගැටුමක් ඇති වෙලා. මේ ගැටුම අවසන් වෙලා තියෙන්නේ සිසුන් හය දෙනෙක්ව රෝහලටත් යවලා. මේ හැමෝම මේ නාස්ති කර ගන්නේ තම තමන්ගේ අනාගතය කියලා ටිකක් හිතලා බැලුවනම් හොදයි.

Wednesday, October 27, 2010

ඉර හඳ යට- ශ්‍රී ලංකාව නියෝජනය කරයි

ඉර හඳ යට- චිත්‍රපටය 41 වැනි ඉන්දියානු අන්තර්ජාතික සිනමා උළෙල නියෝජනය කිරීම සඳහා තෝරා ගෙන තිබෙනවා.
එම සිනමා උළෙල ලබන මස 20 වැනිදා සිට දෙසැම්බර් 2 වැනි දින දක්වා ගෝවේ නගරයේ දී පැවැත්වේ.මීට ප්‍රථම"ඉර හඳ යට"චිත්‍රපටය සඳහා ඉතාලියේ අ‍යඩෙන්ටිටා අන්තර්ජාතික සිනමා උළෙලේ හොඳම චිත්‍රපටයට හිමි සම්මානය සහ ලෝස් ඇන්ජලීස් අන්තර්ජාතික සිනමා උළෙලේ ජූරියේ විශේෂ සම්මානය හිමිවිය.මීට අමතරව සිංගප්පූරු අන්තර්ජාතික සිනමා උළෙලේ හොඳම රංගන කුසලතා සම්මානය සඳහා ද"ඉර හඳ යට"චිත්‍රපටය නිර්දේශ වී තිබෙනවා.

Sunday, October 24, 2010

ශ්‍රී ලංකාවට රන් අහිමිවෙයිද..?





19 වැනි පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ කිලෝග්‍රෑම් 56 බර පන්තිය යට‍තේ පැවැත්වෙන අවසන් බොක්සිං තරගයෙන් ජයග්‍රහණය ලබමින් ශ්‍රී ලංකාවට රන් පදක්කමක් දිනා දුන් මංජු වන්නිආරච්චි ට තහනම් උත්තේජක භාවිතා කළ බවට එල්ල වන චෝදනා එල්ල වී තිබෙනවා.මංජු වන්නිආරච්චි සම්බන්ධයෙන් මේ මොහොතේ විවිධ වාර්තා පළ වුවද නිල වශයෙන් පිළිගත හැකි කරුණු සනාථ වී නැහැ. මේ අතර ජාතික ඔලිම්පික් කමිටුව විසින් මංජු වන්නිආරච්චිට කරුණු දැක්වීම සඳහා දින 14 ක කාලයක් ලබා දී තිබෙනවා.

Friday, October 22, 2010

මතට තිත අමතක වෙලාද???

නීති විරෝධී ලෙස ආනයනය කරන ලද රුපියල් කෝටි තුනහමාරක් වටිනා දුම්වැටි තොගයක් සොයා ගැනීමට සුරාබදු දෙපාර්තුමේන්තුවට හැකි වී ති‍බෙනවා.මෙම දුම්වැටි තොගය ඩුබායි සිට මෙරටට ආනයනය කර ඇති බවයි දැනට අනාවරණය වී තිබෙන්නේ. එසේම මෙම ජවාරම දීර්ඝ කාලයක් තිස්සේ අදාළ පාර්ශවයන්ගේ ඇස් වලට වැලි ගසමින් සිදු වී තිබෙනවා.කලකට පෙර සිට මෙරට ක්‍රියාත්මක වන මතට තිත වැඩසටහන තවමත් සිදු වෙද්දී මෙවැනි මහා පරිමණයේ කටයුතු සිදු වීම ගැටලුමක් නොවේද? මෙවැනි ජවාරම් කලයක් තිස්සේ සිදු කර ගෙන යාමට බලවත් පාර්ශවයන්ගෙන් උදව් ලැබුනේද?

ලංකාවේ කතෝලිකයින්ට සුභ ආරංචියක්..........

මැලිකම් රංජිත් අගරදගුරුතුමන්ව සොළොස් වන බෙනඩික් පාප් වහන්සේ විසින් කාදිනල් තනතුරට පත් කරනු ලැබුවා. මේ බව එතුමන් විසින් ප්‍රකාශයට පත් කරනු ලැබුවේ වතිකානුවේ සාන්ත පීතර දෙව් මැදුරේ පැවැත්වෙන සතිපතා මහජන හමුවේදීයි. තෝමස් කුරේ කාදිනල් තුමාගෙන් පසුව එම පදවියට පත් වු ප්‍රථම අගරදගුරු තුමන් වන්නේ මැලිකම් රංජිත් අගරදගුරුතුමන් වීම විශේෂත්වයයි.

Thursday, October 21, 2010

අනේ ආචාර්යතුමෝ මොකද මේ වෙන්නේ...........


පිස්සු බලු රෝගයට ලබාදීමට සුදුසු එන්නත තමා සතුව පවතින බවත් කැලණියට එන ඕනම කෙනෙකුට එම එන්නත ලබාදෙන්නට තමන් සූදානම් බවත් මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා මහතා පවසනවා.
මේ දිනවල පිස්සු බලු රෝගය වැළඳුණු සරසවි සිසුන් උපකුලපතිවරුන්ට ආචාර්ය මහාචාර්යවරුන්ගේ හපාකමින් සිටින බවත්,කැලණියට එන ඕනම කෙනෙකුට නිසි ප්‍රතිකාර ලබාදෙන්නට තමන් ඇප කැප වී සිටින බවත් අපේ ආචාර්යතුමා පවසනවා.අපිත් බලා සිටිමු මේ ගැන විශ්ව විද්‍යාල සිසුන් මොන වගේ අදහසක් ප්‍රකාශ කරයිද කියලා.

Wednesday, October 20, 2010

විභාග එනවා නේද ????

දැන් හැමෝම අනේ තව ටික දවසයි කිය කිය දුක් වෙනවා,කථා කරන්න ඕන අයත් එක්ක කථා කරකර ඉන්නවා.සිංදු කියනවා,දිගට හරහට ඇදේට ජයාරූප ගන්නවා.අප්පේ වැඩ කෝටියයි.ඒත් යන්න ඕනේ විභාග ලියලා නේද? ඒ නිසා දැන්වත් පාඩම් කරමු නේද????????

‍මේ ඉර හද යට ආයේත් හමු වීමේ බලාපොරොත්තුව

ශ්‍රී ලංකා ජනමාධ්‍ය විද්‍යාලයේ ඉගෙනුම ලැබු අපට විසිර යාමට කාලය උදා වෙලා.මිතුදමින් සහෝදර හදවතින් බැදී උන් අපට හැමට මෙය හදවතට දුකක්.කාලය අපට නොදැනීම ගෙවී ගොස්.අප බොහෝ දේ ඉගෙනගත්තා.නමුත් ඒ පොත පතේ දැනුම පමණක් නොවීමයි විශේෂත්වය වන්නේ.දෙමිළ සිංහල බෞද්ධ කතෝලික මුස්ලිම් හින්දු අපි හැමෝම මේ වසර එකටයි ගත කළේ. පෞද්ගලිකව මටනම් මේක අපුරු අත්දැකීමක් උනා.අපි අලුත් අවුරුද්ද සැමරුවා.වෙසක් එකට දන්සලක් දුන්නා.රාමසාන් සැමරුවා.සරස්වතී පුජා පැවැත්තුවා.ම්ම්ම්ම් ඇත්තටම මිහිරි ඒ හැමදේම ගොඩක් සුන්දර මතකයන් අපේ හිත් වල ඇති කළා.හැම ආරම්භයකම අවසානයක් තියෙනවනේ.ඉතින් මේ සොදුරු කාලච්ජේදයේත් අවසානය ලගයි.මගේ එකම ප්‍රාර්ථනාව අපි මේ සමුගැනීම සදාකාලික නොකළ යුතුයි.මේ ඉර හද යට අයේත් හමු වෙමු එකතු වෙමු.සමුගැනීම් නැවත හමුවීමේ බලාපොරොත්තුවක් කර ගනිමු.

Tuesday, October 19, 2010


ශ්‍රි ලංකාව කියන්නේ එදා සිට ස්වභාවික චමත්කාරයෙන් පිරුණාවු රටක් බව කාගේත් පිළි ගැනීමයි. නමුත් මේ සුන්දරත්වය නැරඕමට බොහෝ විදේශිකයින් කැමති වුවත් මෙරට පැවති යුදමය තත්වය එයට ලොකු බාධාවක් වුණා.නමුත් දැන් යුද්ධයත් අවසන්. ඇයි මෙරටට එදාට සාපේක්ෂව එන සංචාරකයින් බලාපොරොත්තු වු තරම් වැඩි නොවුනේ.සංචාරක කර්මාන්තය කියන්නේ රටකට විදේශ විනිමය ඉපයිය හැකි ඉතා විධිමත් මාර්ගයක්.මේ පිලිබද අප රටේ වගකිව යුත්තන් සැලකිලිමත් වුනා අපට අනිවාර්යයෙන්ම අපේ සංවර්ධන ඉලක්ක කරා යාමට උදව්වක් වේවි.

විශ්ව විද්‍යාල සිසුන්ගේ ගමන කොයිබටද?

දෙමාපියන් දුක් මහන්සි වී හම්බ කරගන්නා මුදලින් තම දරුවන්ට හොද අධ්‍යාපනයක් ලබා දී විශ්ව විද්‍යාලයට යවන්නේ ඔවුන් අනාගතයේ සමාජයේ ඉහළ දැන් වන ඉන්නවා දකින්නටයි.නමුත් අද වන විට ඒ තත්වය වෙනස් වෙලා.විශ්ව විද්‍යාලයට ඇතුළත් වන දරුවා වසරක් පමණ යන විට වෙනස් පුද්ගලයෙක් බවට පත් වනවා.තම උපාධි සිහිනය අත් හැර දමන මොවුන් විවිධ දේශපාලන බලවේගයන්ට යටපත් වී තවත් කෙනෙකු කියනා විදිහට නටන්නාවු රූකඩ බවට පත් වෙනවා. උද්ඝෝෂණ,පෙළපාළි,අරගල මොවුන්ගේ ජීවිකාව වනවා.අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටිනා ලොකු අයියලා අක්කලා වීම පමණයි මොවුන්ගේ සිහිනය වන්නේ.අර බලාපොරොත්තු පොදි බැදගෙන සිටින තම දෙමාපියන්ව ඔවුන්ට අමතක වෙලා යනවා.ඔවුන් මදකට හෝ සිතා බලනවාද මේ නැති වන්නේ තමන්ගේ අනාගතය මෙන්ම සොදුරු තාරුණය බව...............

ලොව මිල අධිකතම ජංගම දුරකථනය

ලොව මිල අධිකතම ජංගම දුරකථනය ලෙස සැලකෙන යුරෝ මිලියන 5 ක වටිනාකමින් යුත් ජංගම දුරකථනයක් හඳුන්වා දී තිබේ. Apple iPhone 4 වර්ගයේ මෙම දුරකථනයේ අලංකාර සැලසුම් නිර්මාණය කර ඇත්තේ ලොව මිල අධික නිර්මාණ සඳහාම සැරසිලි සකස් කරන්නෙකු වන ස්ටුවර්ට් හග්ස් විසිනි. රොස් ගෝල්ඩ් උපයෝගී කරගෙන දෑතින්ම නිර්මාණය කර ඇති මෙම දුරකථනයේ බාහිර අංකරණය සඳහා තනි දියමන්ති 500 ක් යොදාගෙන ඇත. ඇපල් ලාංඡනය නිර්මාණය සඳහා පමණක් දියමන්ති 53 ක් යොදාගෙන තිබේ.
අන්තර්ජාලය ඇසුරෙන්

දැන් වාරය කුමකටද?

වසර තිහකට ආසන්න කාලයක් අපේ රටේ ජනතාව කුරිරු යුද්දයෙන් බැට ගෑවා.තමන්ගේ නිවසින් පිටතට ගියේ ආපසු නිවසට ඒමට හැකි වේද කියන අවිනිශ්චිත බවකින්. නමුත් පසුගිය වසරේ ඒ යුද බිය මිනිස් සිතින් පහ වී ගියේ අපි හැමෝගේම සිත් වල අලුත් බලාපොරොත්තු ඇති කරමින්.නමුත් මේ වන විට මෙරට ජනතාව දුක් විදින්නේ ත්‍රස්තවාදී ක්‍රියාවන් නිසා නොවෙයි.දැන් අපිට විදීමට සිදු වී තිබෙන ජීවන බර නිසයි. මේ වගේ තත්වයක් අපිට උදා වුනේ ඇයි. දැන් අපි රටේ යුද වියදමුත් නැහැ මොකද්ද එසේනම් මෙයට හේතුව? කවුරුන්ද වග කියන්නේ? ජනතාවට මේ වලෙන් ගොඩ විය හැක්කේ කවදාද??????
ජයාරූපකරණය හා චිත්‍රපටය හුදෙක් යාන්ත්‍රික පුනර් නිෂ්පාදනයක් විනා එය කලාව හා සම්බන්ධ නැත යන මතය ප්‍රතික්ෂේප කිරීම වැදගත්ය.මේ සදහා වැදගත් වන හොදම ක්‍රමය වන්නේ චිත්‍රපටයේ ස්වභාවය අවබෝධ කර ගන්නට වෑයම් කිරීමයි.
රුඩොල්ෆ් ආර්න්හයිම්

ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය නිදහස කොයිබටද?

පසුගියදා විශ්ව විද්‍යාල සිසුන් විසින් සිදු කරන ලද උද්ඝෝෂණයක් ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන් පිරිසකට පොලිසිය විසින් පහර දීමක් සිදු වුවා. ඒ ලංකාදීප පුවත්පතේ බිගුන් මේනක,නෙත් එෆ්.එම් ගුවන් විදුලි සේවයේ මාධ්‍යවේදී සදරුවන් යටිකිද,ඩේලිමිලර් පුවත්පතේ ජයාරූප ශිල්පි ප්‍රදීප් ඩිල්රුක්ෂන සහ රිවිර පුවත්පතේ ජයාරූප ශිල්පි චමිල කරුණාරත්න යන මාධ්‍යවේදීන්ටයි. මෙවැනි දේ තවත් ඉදිරියටත් සිදු වනවා බලා සිටීම මෙරට නිදහස් මාධ්‍යයට වන විශාල බාධාවක් වනවා නොවනුමානයි. නුදුරු අනාගතයේදී මාධ්‍ය ලෝකයට පිවිසීමට බලාපොරොත්තුවෙන් සිටින අපටත් මෙය තර්ජනයකි.

ශ්‍රී ලංකා ජනමාධ්‍ය විද්‍යාලයේ ඉගෙනුම ලබන අප විසින් ඉදිරිපත් කළ සියලු ප්‍රවෘත්ති විකාශයන් සාර්ථකව කර ගැනීමට සහය දුන් සැමට මාගේ හද පිරි ස්තුතිය පිරි නමමි.

Monday, October 11, 2010

ශ්‍රී ලංකාවේ මංජු වන්නිආරච්චි, ඉන්දියාවේ දිල්ලි නගරයේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙ‍ලේ කිලෝ ග්‍රෑම් 56 බන්ටාම් බර පන්තියේ බොක්සිං තරගයේ අවසන් තරගයට සුදුසුකම් ලබා ඇත. මෙම අවසන් තරගයේ තරග ප්‍රතිඵල මත ඔහු රිදී පදක්කමට හෝ රන් පදක්කමට හිමිකම් කියනු ඇත.

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලකදී ශ්‍රී ලංකාව බොක්සිං තරගයකින් පදක්කමක් හිමිකරගනු ලබන්නේ වසර 60 ට පසුවය.
සුදු කොඩි ප්‍රකාශය පිළිබද සරත් ‍‍ෆොන්සේකා මහතාට එරෙහිව ගොනු කර ඇති නඩු විභාගය අදත් විභාගයට ගැණුනා. ඒ වෙනුවෙන් උසාවියට පෙනී සිටීමට බන්ධනාගාරගතව සිටින සරත් ෆොන්සේකා මහතාව මහාධිකරණයට කැදවා ගෙන එන අවස්ථාවේදී ඒ මහතා විසින් තමන් ජීවිත කාලය පුරාවට බන්ධනාගාර ගතව සිටියද දාමරිකයන් ඉදිරියෙහි දණ නොමන බව පවසා සිටියා.

Sunday, September 19, 2010

ශ්‍රී ලංකා ජනමාධ්‍ය විද්‍යාලයේ ඉගෙනුම ලබන අපට මේ දවස්වල ගොඩක් කාර්්‍යබහුලයි.ඒකට හේතුව තමයි අපි දැන විද්‍යාලයේදී ප්‍රවෘත්ති වැඩසටහන් ක්‍රියාත්මක කිරීම. මෙහි විශේෂත්වය වන්නේ මෙම ප්‍රවෘත්ති වල වැඩිවශයෙන් අපි විසින්ම සොයා ගනු ලැබු ප්‍රවෘත්ති ඇතුලත් වීමයි.

Thursday, September 16, 2010

සවුදියේදි ඉතා දරුණු ලෙස වද හිංසාවන්ට ලක්ව මෙරටට පැමිණි ආරියවතී මහත්මියට නව නිවසක් සදා දීමට කටයුතු කර තිබෙනවා.මෙම සුබ කටයුත්ත පසුගිය දා අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන විදේශ සේවා නියුක්ති කාර්්‍යාංශයේ සභාපති කිංස්ලි රණවක ඇතුලු බොහෝ දෙනාගේ සහභාගිත්වයෙන් සිදු කෙරුණා. ඇත්ත වශයෙන්ම මෙය අගේ කළ යුතු කාරණයක් නමුත් වගකිව යුතු පාර්ශවයන් අතින් සිදු විය යුතු තවත් ඉතාමත් වැදගත් දෙයක් තිබෙනවා. ඒ විදේශ ගත වන එවැනි අනෙකුත් කාන්තාවන්ට මෙවැනි අභාග්‍ය සිදු වීම් ඉදිරියේදී සිදු නොවීමට ටග බලා ගැනීමයි.

Thursday, September 9, 2010

ශ්‍රි ලංකාවේ නිදහස අහිමි කර ඇති පුද්ගලයින්ගේ සුභ සාධනය සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම සදහා මේ වන විට ගෙන ඇති පියවර සහ අලුතිනි සැලසුම් කර ඇති නව වැඩපිළිවෙළවල් පිළිබද මාධ්‍ය දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් ඊයේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්තුනා.සිරකරුවෝත් මනුෂයෝය යන තේමාව යටතේ කරුණු ඉදිරිපත් කරනු ලැබුවා.
ඊයේ දිනයේදී 18 වන ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදි වැඩි ජන්ද 144ක් ලබා ගෙන සම්මත විය. නමුත් මෙම ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධව මෙන්ම පක්ෂපාතීවද උද්ඝෝෂණ හා පෙළපාලි කොළබ හා සදාසන්න ප්‍රදේශ වලදී පැවැත්තුනා.මෙහිදී ආණ්ඩුවේ ක්‍රියාදාමයට විරුද්ධව පැවැත්තු එක් උද්ඝෝෂණයකදී උණුසුම් තත්වයක් ඇති වුණා.මෙහිදි පොලිස් නිළධාරියෙක් පිළිස්සුම් තුවාල ලැබුවා. මෙම ජයාරූප අද දිනයේ සමහරක් පුවත්පත් වලද වාර්ථා වී තිබුණා.

Friday, September 3, 2010

"යුද්ධය කොතරම් පැරණි ද සාමය සදහා දරන ලද වෑයමත් එතරම් ම පැරණිය. එහෙත් ලෝකයේ යුද ප්‍රවණතා වර්ධනය වී ඇතැයි ද සාම වෑයම එතරම් ඵලදායි වී නැතැයි ද කෙනෙකුට සිතෙන්නට පුලුවන. එහෙත් එය එසේ නොවේ. දහසක් දෙනා දෙපිළ බෙදී යුද වැදී සිටින විටක ඒ දෙපිළේම තර්ජනයට ලක් වෙමින් සාමය වෙනුවෙන් වෙහෙස වු මිනිසුන් කිහිප දෙනා හෝ නොවන්නට මේ ලෝකයේ ඉරණම කුමක් වන්නට තිබුණා දැයි සිතා ගැනීමත් අපහසු නැත.
(උපුටා ගැනීමකි)
පොලිස් දොපාර්තුමේන්තුවට ඊයේ දිනට වසර 144.මේ සදහා දිවයින පුරා පොලිස් ස්ථාන වලදී විවිධ උත්සව පැවැත්වෙන බව පුවත්පත් වල වාර්ථා වී තිබුනා. නමුත් සමහර පුවත්පත් වල මේ සම්බන්ධයෙන් කිසිදු සටහනක් නොතිබු අතර සමහර පුවත්පත් වල එක් වාක්‍යයකින් පමණක් මේ පිළිබද සදහනක් කර තිබුණා.

Monday, August 30, 2010

Saturday, August 28, 2010

ලෝකයට ජිවය දෙන්නේ මිනිසාය.එහෙයින් මිනිස් ක්‍රියාකාරකම් සමාජයේ යහපැවැත්ම කීරණය කරන්නාවු සාධයක් වෙයි. සමාජයේ සිදු වන දෑ ලෝකයා වෙත ගෙන යන්නේ ජනමාධ්‍යයි.ප්‍රවෘත්ති ඉතාමත් විශ්වාසනියව ඉදිරිපත් කිරීම ජනමාධයවේදීන්ගේ වගකීම වේ. එවැනි සමාජීය වශයෙන් වැදගත් වු වෘත්තීයක ඉදිරියේදී නියලීම මගේ අරමුනයි.

2nd semester slcj 2010_mpeg4.mp4

Friday, August 27, 2010

හරියට ඉගෙනගන්නවනම් ජනමාධ්‍ය කියන්නේ මහා සාගරයක් වගේ පුළුල් විෂයක්.නමුත් ඒ ගැන නොදැන කටයුතු කරන අයගෙන් දැන් මේ මධ්‍ය ලෝකය පිරිලයි කියලයි මට සිතෙන්නේ.මමත් මාධ්‍යට ආස කරපු කෙනෙක්.ඒත් මම හිතුවා මාධයට පිවිසෙන්න කලින් ඒ ගැන ටිකක් ඉගෙන ගත්තනම් හොදයි කියලා. ඒ සදහා මම තෝරා ගත්තේ ශ්‍රි ලංකා ජනමාධ්‍ය විද්‍යාලයයි.

Friday, June 18, 2010