
ශ්‍රී ලංකාවට ඇතුළු වීම සඳහා වීසා අයදුම් කළ අල්ජසීරා රූපවාහිනී නාලිකාවේ සාමාජිකයින් තිදෙනෙකුගේ වීසා අවලංගු කිරීමට රජය පියවර ගෙන තිබෙනවා. විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් මෙම තීරණය ගෙන තිබෙන්නේ.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවන පදවි ප්‍රාප්ති උත්සවය ආවරණය කිරීම සඳහා මෙම මාධ්‍ය කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණීමට ඉල්ලීම් කර තිබෙනවා..
නමුත් පසුගිය බදාදා දිනයේ දී අල් ජසීරා රූපවාහිනී නාලිකාව තුළින් මානුෂීය මෙහෙයුම් සමයේ යුද හමුදාව විසින් දෙමළ වැසියන් ඝාතනය කළ බවට පවසමින් ව්‍යාජ දර්ශන ප්‍රචාරය කරනු ලැබුවා.ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය සිය විරෝධය පළ කළ අතර එම විකාශනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතයි.
No comments:
Post a Comment