Monday, December 13, 2010

පාසල් නිවාඩුවට කෝච්චියෙන් බණ්ඩාරවෙල යමු.....

පාසල් නිවාඩු කාලය වෙනුවෙන් කොළඹ සිට බණ්ඩාරවෙල දක්වා විශේෂ නගරාන්තර දුම්රිය සේවයක් ආරම්භ කර තිබෙනවා.
එහි පළමු පියවර වශයෙන් අද(13) උදෑසන 8 .35ට කොළඹ කොටුවේ සිට බණ්ඩාරවෙල දක්වා විශේෂ දුම්රියක් පිටත්ව්ණා.
අද සිට දවසක් හැර දවසක් කොළඹින් දුම්රිය පිටත් වන මේ දුම්රිය ඊළඟ දිනයේදී බණ්ඩාරවෙල සිට කොළඹ දක්වා දුම්රිය ධාවනය කිරීමට නියමිතයි.

සාමාන්‍ය පෙළ විභාගය අද ආරම්භ වුණා....

සාමාන්‍ය පෙළ විභාගය අද ආරම්භ වුණා.ලංකාවේ අධ්‍යානය ක්‍රමයට අනුව ශිෂ්‍යත්ව විභාගයෙන් පසුව මුහුණ දෙන පාසල් ලමුන් මුහුණ දෙන පළමු කඩිනම් විභාගය වන්නේ සාමාන්‍ය පෙළ විභාගයයි.ශිෂ්‍යත්ව විභාගයයි සමාජයේ සාමාන්‍ය වියවාහරයේදී හදුන්වනු ලබන්නේ අම්මලාගේ විභාගය ලෙසයි.මොකද ඒ විභාගයට දරුවන්ටත් වඩා උනන්දු වන්නේ අම්මලා.
සුපිරි පාසල් වලට ලමුන් ඇතුලත් කර ගනු ලබන ප්‍රධාන සාධකය වන්නේ ශිෂ්‍යත්ව විභාගයේ ලකුණු මට්ටම වීම හේතුවයි.මෙවර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන සියළු දෙනාට මගේ සුභ පැතුම් එක් කරනවා......

Friday, November 19, 2010

ඉහළ කොත්මලේ උමග බලන්න යමුද?

ඉහළ කොත්මලේ ජල විදුලි ව්‍යාපෘතිය යටතේ ඉදිකෙරුණු දීර්ඝතම උමග නැරඹීම සඳහා විශේෂ අවසර පත්‍රයක් නිකුත් කරන්නට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය තීරණය කරලා තිබෙනවා. අදාළ අවසර පත වෙන්කරවා ගැනීම සඳහා විශේෂ දුරකථන අංක දෙකක් ද එම අමාත්‍යාංශය මඟින් ප්‍රකාශයට පත් තළා. ඒ අනුව දුරකථන අංක 0772 49 28 54 සහ 0773 17 96 30 ඇමතීමෙන් අදාළ අවසර පත් වෙන්කරවා ගත හැකිය.

Friday, November 12, 2010

16 වැනි ආසියාතික ක්‍රීඩා උළෙල ඇරඹෙයි

16 වැනි ආසියාතික ක්‍රීඩා උළෙල චීනයේ"ගුඇංෂු"නුවර දී ඊයේ ආරම්භ වුණා.මෙවර තරගාවලියට ආසියානු කලාපය නියෝජනය කරමින් රටවල් 45 ක් සහභාගී වනවා..ක්‍රීඩා 55 ක් යටතේ තරග ඉසව් 476 ක් මෙවර තරගාවලියට ඇතුළත් වේ. මින් ක්‍රීඩා ඉසව් 21 ක් සඳහා ‍ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉදිරිපත් වන අතර ආසියානු තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමට නිලධාරීන් ද ඇතුළුව ක්‍රීඩක ක්‍රීඩිකාවන් 107 ක් දෙනෙක් අයත් වනවා.

අල්ජසීරා සාමාජිකයින්ට වීසා අවලංගුයි.


ශ්‍රී ලංකාවට ඇතුළු වීම සඳහා වීසා අයදුම් කළ අල්ජසීරා රූපවාහිනී නාලිකාවේ සාමාජිකයින් තිදෙනෙකුගේ වීසා අවලංගු කිරීමට රජය පියවර ගෙන තිබෙනවා. විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් මෙම තීරණය ගෙන තිබෙන්නේ.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවන පදවි ප්‍රාප්ති උත්සවය ආවරණය කිරීම සඳහා මෙම මාධ්‍ය කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණීමට ඉල්ලීම් කර තිබෙනවා..
නමුත් පසුගිය බදාදා දිනයේ දී අල් ජසීරා රූපවාහිනී නාලිකාව තුළින් මානුෂීය මෙහෙයුම් සමයේ යුද හමුදාව විසින් දෙමළ වැසියන් ඝාතනය කළ බවට පවසමින් ව්‍යාජ දර්ශන ප්‍රචාරය කරනු ලැබුවා.ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය සිය විරෝධය පළ කළ අතර එම විකාශනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතයි.

Wednesday, November 3, 2010

අම්පාර ගිහින් කොළඔ එන ගමන් මඩකලපු යමු.......

තිස් වසරක් පුරා මෙරට පැවති තුස්තවාදී කලබල හේතුවෙන් මඩකලපුව හරහා අම්පාර කොළඔ බස් සේවාව ඇණ හිටියා.දැන් යුද්ධය අවසන් 1983 වර්ෂයේදී නවතනු ලැබු මෙම බස් සේවාව නැවතත් පසුගිය දා ආරමිභ වුණා.උදෑසන අටට මඩකලපුවෙන් පිටත් වන මෙම බස් සේවාව කල්මුණේ මඩකලපුව හරහා කොළඔට ලගා වන අතර පස්වරු පහට නැවත මඩකලපු බලා පිටත් වෙයි.

අනාගත ලෝකය භාර ගන්නන්ට මොකද මේ වෙලා තියෙන්නේ????

ලංකාව කියන්නේ නිදහස් අධ්‍යාපනයක් තිබෙන රටක්.ඒ වගේම අයවැයෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් මෙරට අධ්‍යාපනය සදහා වැය වනවා.නමුත් මේ දවස් වල අපේ රටේ වෙන දේවල් ඇහෙන කොට ඒ වියදම් කරන සල්ලි අපරාධයක් කියලා හිතෙනවා.
උසස් පෙළ සමත් වෙලා ළමයි විශ්ව විද්‍යාලයට යන්නේ තම උපාධි සදහා. නමුත් දැන් තත්වය වෙනස්.දැන් විශ්ව විද්‍යාල වල සිසුන් රාජකාරිය වෙලා තියෙන්නේ අයිතිවාසිකම් ඉල්ලමින් පෙළපාලි යාම,තමන්ට සිදු වන අසාධාරණකම් ගැන උස්ඝෝෂණ පැවැත්වීමයි. මේ දේවල් නිසා මේ වන විට ලංකාවේ විශ්ව විද්‍යාල බොහෝමයක පන්ති පැවැත්වෙන්නත් නැහැ.
මේ අතරතුර අද කොළඔ ජනප්‍රිය පාසල් දෙකක සිසුන් දෙපිරිසක් අතර ගැටුමක් ඇති වෙලා. මේ ගැටුම අවසන් වෙලා තියෙන්නේ සිසුන් හය දෙනෙක්ව රෝහලටත් යවලා. මේ හැමෝම මේ නාස්ති කර ගන්නේ තම තමන්ගේ අනාගතය කියලා ටිකක් හිතලා බැලුවනම් හොදයි.