"යුද්ධය කොතරම් පැරණි ද සාමය සදහා දරන ලද වෑයමත් එතරම් ම පැරණිය. එහෙත් ලෝකයේ යුද ප්‍රවණතා වර්ධනය වී ඇතැයි ද සාම වෑයම එතරම් ඵලදායි වී නැතැයි ද කෙනෙකුට සිතෙන්නට පුලුවන. එහෙත් එය එසේ නොවේ. දහසක් දෙනා දෙපිළ බෙදී යුද වැදී සිටින විටක ඒ දෙපිළේම තර්ජනයට ලක් වෙමින් සාමය වෙනුවෙන් වෙහෙස වු මිනිසුන් කිහිප දෙනා හෝ නොවන්නට මේ ලෝකයේ ඉරණම කුමක් වන්නට තිබුණා දැයි සිතා ගැනීමත් අපහසු නැත.
(උපුටා ගැනීමකි)
No comments:
Post a Comment