ඉර හඳ යට- චිත්‍රපටය 41 වැනි ඉන්දියානු අන්තර්ජාතික සිනමා උළෙල නියෝජනය කිරීම සඳහා තෝරා ගෙන තිබෙනවා.
එම සිනමා උළෙල ලබන මස 20 වැනිදා සිට දෙසැම්බර් 2 වැනි දින දක්වා ගෝවේ නගරයේ දී පැවැත්වේ.මීට ප්‍රථම"ඉර හඳ යට"චිත්‍රපටය සඳහා ඉතාලියේ අයඩෙන්ටිටා අන්තර්ජාතික සිනමා උළෙලේ හොඳම චිත්‍රපටයට හිමි සම්මානය සහ ලෝස් ඇන්ජලීස් අන්තර්ජාතික සිනමා උළෙලේ ජූරියේ විශේෂ සම්මානය හිමිවිය.මීට අමතරව සිංගප්පූරු අන්තර්ජාතික සිනමා උළෙලේ හොඳම රංගන කුසලතා සම්මානය සඳහා ද"ඉර හඳ යට"චිත්‍රපටය නිර්දේශ වී තිබෙනවා.
Wednesday, October 27, 2010
Sunday, October 24, 2010
ශ්‍රී ලංකාවට රන් අහිමිවෙයිද..?

19 වැනි පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ කිලෝග්‍රෑම් 56 බර පන්තිය යටතේ පැවැත්වෙන අවසන් බොක්සිං තරගයෙන් ජයග්‍රහණය ලබමින් ශ්‍රී ලංකාවට රන් පදක්කමක් දිනා දුන් මංජු වන්නිආරච්චි ට තහනම් උත්තේජක භාවිතා කළ බවට එල්ල වන චෝදනා එල්ල වී තිබෙනවා.මංජු වන්නිආරච්චි සම්බන්ධයෙන් මේ මොහොතේ විවිධ වාර්තා පළ වුවද නිල වශයෙන් පිළිගත හැකි කරුණු සනාථ වී නැහැ. මේ අතර ජාතික ඔලිම්පික් කමිටුව විසින් මංජු වන්නිආරච්චිට කරුණු දැක්වීම සඳහා දින 14 ක කාලයක් ලබා දී තිබෙනවා.
Friday, October 22, 2010
මතට තිත අමතක වෙලාද???
නීති විරෝධී ලෙස ආනයනය කරන ලද රුපියල් කෝටි තුනහමාරක් වටිනා දුම්වැටි තොගයක් සොයා ගැනීමට සුරාබදු දෙපාර්තුමේන්තුවට හැකි වී තිබෙනවා.මෙම දුම්වැටි තොගය ඩුබායි සිට මෙරටට ආනයනය කර ඇති බවයි දැනට අනාවරණය වී තිබෙන්නේ. එසේම මෙම ජවාරම දීර්ඝ කාලයක් තිස්සේ අදාළ පාර්ශවයන්ගේ ඇස් වලට වැලි ගසමින් සිදු වී තිබෙනවා.කලකට පෙර සිට මෙරට ක්‍රියාත්මක වන මතට තිත වැඩසටහන තවමත් සිදු වෙද්දී මෙවැනි මහා පරිමණයේ කටයුතු සිදු වීම ගැටලුමක් නොවේද? මෙවැනි ජවාරම් කලයක් තිස්සේ සිදු කර ගෙන යාමට බලවත් පාර්ශවයන්ගෙන් උදව් ලැබුනේද?
ලංකාවේ කතෝලිකයින්ට සුභ ආරංචියක්..........
මැලිකම් රංජිත් අගරදගුරුතුමන්ව සොළොස් වන බෙනඩික් පාප් වහන්සේ විසින් කාදිනල් තනතුරට පත් කරනු ලැබුවා. මේ බව එතුමන් විසින් ප්‍රකාශයට පත් කරනු ලැබුවේ වතිකානුවේ සාන්ත පීතර දෙව් මැදුරේ පැවැත්වෙන සතිපතා මහජන හමුවේදීයි. තෝමස් කුරේ කාදිනල් තුමාගෙන් පසුව එම පදවියට පත් වු ප්‍රථම අගරදගුරු තුමන් වන්නේ මැලිකම් රංජිත් අගරදගුරුතුමන් වීම විශේෂත්වයයි.
Thursday, October 21, 2010
අනේ ආචාර්යතුමෝ මොකද මේ වෙන්නේ...........

පිස්සු බලු රෝගයට ලබාදීමට සුදුසු එන්නත තමා සතුව පවතින බවත් කැලණියට එන ඕනම කෙනෙකුට එම එන්නත ලබාදෙන්නට තමන් සූදානම් බවත් මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා මහතා පවසනවා.
මේ දිනවල පිස්සු බලු රෝගය වැළඳුණු සරසවි සිසුන් උපකුලපතිවරුන්ට ආචාර්ය මහාචාර්යවරුන්ගේ හපාකමින් සිටින බවත්,කැලණියට එන ඕනම කෙනෙකුට නිසි ප්‍රතිකාර ලබාදෙන්නට තමන් ඇප කැප වී සිටින බවත් අපේ ආචාර්යතුමා පවසනවා.අපිත් බලා සිටිමු මේ ගැන විශ්ව විද්‍යාල සිසුන් මොන වගේ අදහසක් ප්‍රකාශ කරයිද කියලා.
Wednesday, October 20, 2010
විභාග එනවා නේද ????
දැන් හැමෝම අනේ තව ටික දවසයි කිය කිය දුක් වෙනවා,කථා කරන්න ඕන අයත් එක්ක කථා කරකර ඉන්නවා.සිංදු කියනවා,දිගට හරහට ඇදේට ජයාරූප ගන්නවා.අප්පේ වැඩ කෝටියයි.ඒත් යන්න ඕනේ විභාග ලියලා නේද? ඒ නිසා දැන්වත් පාඩම් කරමු නේද????????
මේ ඉර හද යට ආයේත් හමු වීමේ බලාපොරොත්තුව
Tuesday, October 19, 2010

ශ්‍රි ලංකාව කියන්නේ එදා සිට ස්වභාවික චමත්කාරයෙන් පිරුණාවු රටක් බව කාගේත් පිළි ගැනීමයි. නමුත් මේ සුන්දරත්වය නැරඕමට බොහෝ විදේශිකයින් කැමති වුවත් මෙරට පැවති යුදමය තත්වය එයට ලොකු බාධාවක් වුණා.නමුත් දැන් යුද්ධයත් අවසන්. ඇයි මෙරටට එදාට සාපේක්ෂව එන සංචාරකයින් බලාපොරොත්තු වු තරම් වැඩි නොවුනේ.සංචාරක කර්මාන්තය කියන්නේ රටකට විදේශ විනිමය ඉපයිය හැකි ඉතා විධිමත් මාර්ගයක්.මේ පිලිබද අප රටේ වගකිව යුත්තන් සැලකිලිමත් වුනා අපට අනිවාර්යයෙන්ම අපේ සංවර්ධන ඉලක්ක කරා යාමට උදව්වක් වේවි.
විශ්ව විද්‍යාල සිසුන්ගේ ගමන කොයිබටද?
දෙමාපියන් දුක් මහන්සි වී හම්බ කරගන්නා මුදලින් තම දරුවන්ට හොද අධ්‍යාපනයක් ලබා දී විශ්ව විද්‍යාලයට යවන්නේ ඔවුන් අනාගතයේ සමාජයේ ඉහළ දැන් වන ඉන්නවා දකින්නටයි.නමුත් අද වන විට ඒ තත්වය වෙනස් වෙලා.විශ්ව විද්‍යාලයට ඇතුළත් වන දරුවා වසරක් පමණ යන විට වෙනස් පුද්ගලයෙක් බවට පත් වනවා.තම උපාධි සිහිනය අත් හැර දමන මොවුන් විවිධ දේශපාලන බලවේගයන්ට යටපත් වී තවත් කෙනෙකු කියනා විදිහට නටන්නාවු රූකඩ බවට පත් වෙනවා. උද්ඝෝෂණ,පෙළපාළි,අරගල මොවුන්ගේ ජීවිකාව වනවා.අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටිනා ලොකු අයියලා අක්කලා වීම පමණයි මොවුන්ගේ සිහිනය වන්නේ.අර බලාපොරොත්තු පොදි බැදගෙන සිටින තම දෙමාපියන්ව ඔවුන්ට අමතක වෙලා යනවා.ඔවුන් මදකට හෝ සිතා බලනවාද මේ නැති වන්නේ තමන්ගේ අනාගතය මෙන්ම සොදුරු තාරුණය බව...............
ලොව මිල අධිකතම ජංගම දුරකථනය
ලොව මිල අධිකතම ජංගම දුරකථනය ලෙස සැලකෙන යුරෝ මිලියන 5 ක වටිනාකමින් යුත් ජංගම දුරකථනයක් හඳුන්වා දී තිබේ. Apple iPhone 4 වර්ගයේ මෙම දුරකථනයේ අලංකාර සැලසුම් නිර්මාණය කර ඇත්තේ ලොව මිල අධික නිර්මාණ සඳහාම සැරසිලි සකස් කරන්නෙකු වන ස්ටුවර්ට් හග්ස් විසිනි. රොස් ගෝල්ඩ් උපයෝගී කරගෙන දෑතින්ම නිර්මාණය කර ඇති මෙම දුරකථනයේ බාහිර අංකරණය සඳහා තනි දියමන්ති 500 ක් යොදාගෙන ඇත. ඇපල් ලාංඡනය නිර්මාණය සඳහා පමණක් දියමන්ති 53 ක් යොදාගෙන තිබේ.
අන්තර්ජාලය ඇසුරෙන්
අන්තර්ජාලය ඇසුරෙන්
දැන් වාරය කුමකටද?
වසර තිහකට ආසන්න කාලයක් අපේ රටේ ජනතාව කුරිරු යුද්දයෙන් බැට ගෑවා.තමන්ගේ නිවසින් පිටතට ගියේ ආපසු නිවසට ඒමට හැකි වේද කියන අවිනිශ්චිත බවකින්. නමුත් පසුගිය වසරේ ඒ යුද බිය මිනිස් සිතින් පහ වී ගියේ අපි හැමෝගේම සිත් වල අලුත් බලාපොරොත්තු ඇති කරමින්.නමුත් මේ වන විට මෙරට ජනතාව දුක් විදින්නේ ත්‍රස්තවාදී ක්‍රියාවන් නිසා නොවෙයි.දැන් අපිට විදීමට සිදු වී තිබෙන ජීවන බර නිසයි. මේ වගේ තත්වයක් අපිට උදා වුනේ ඇයි. දැන් අපි රටේ යුද වියදමුත් නැහැ මොකද්ද එසේනම් මෙයට හේතුව? කවුරුන්ද වග කියන්නේ? ජනතාවට මේ වලෙන් ගොඩ විය හැක්කේ කවදාද??????
ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය නිදහස කොයිබටද?
පසුගියදා විශ්ව විද්‍යාල සිසුන් විසින් සිදු කරන ලද උද්ඝෝෂණයක් ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන් පිරිසකට පොලිසිය විසින් පහර දීමක් සිදු වුවා. ඒ ලංකාදීප පුවත්පතේ බිගුන් මේනක,නෙත් එෆ්.එම් ගුවන් විදුලි සේවයේ මාධ්‍යවේදී සදරුවන් යටිකිද,ඩේලිමිලර් පුවත්පතේ ජයාරූප ශිල්පි ප්‍රදීප් ඩිල්රුක්ෂන සහ රිවිර පුවත්පතේ ජයාරූප ශිල්පි චමිල කරුණාරත්න යන මාධ්‍යවේදීන්ටයි. මෙවැනි දේ තවත් ඉදිරියටත් සිදු වනවා බලා සිටීම මෙරට නිදහස් මාධ්‍යයට වන විශාල බාධාවක් වනවා නොවනුමානයි. නුදුරු අනාගතයේදී මාධ්‍ය ලෝකයට පිවිසීමට බලාපොරොත්තුවෙන් සිටින අපටත් මෙය තර්ජනයකි.
Monday, October 11, 2010
ශ්‍රී ලංකාවේ මංජු වන්නිආරච්චි, ඉන්දියාවේ දිල්ලි නගරයේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ කිලෝ ග්‍රෑම් 56 බන්ටාම් බර පන්තියේ බොක්සිං තරගයේ අවසන් තරගයට සුදුසුකම් ලබා ඇත. මෙම අවසන් තරගයේ තරග ප්‍රතිඵල මත ඔහු රිදී පදක්කමට හෝ රන් පදක්කමට හිමිකම් කියනු ඇත.
පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලකදී ශ්‍රී ලංකාව බොක්සිං තරගයකින් පදක්කමක් හිමිකරගනු ලබන්නේ වසර 60 ට පසුවය.
පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලකදී ශ්‍රී ලංකාව බොක්සිං තරගයකින් පදක්කමක් හිමිකරගනු ලබන්නේ වසර 60 ට පසුවය.
සුදු කොඩි ප්‍රකාශය පිළිබද සරත් ෆොන්සේකා මහතාට එරෙහිව ගොනු කර ඇති නඩු විභාගය අදත් විභාගයට ගැණුනා. ඒ වෙනුවෙන් උසාවියට පෙනී සිටීමට බන්ධනාගාරගතව සිටින සරත් ෆොන්සේකා මහතාව මහාධිකරණයට කැදවා ගෙන එන අවස්ථාවේදී ඒ මහතා විසින් තමන් ජීවිත කාලය පුරාවට බන්ධනාගාර ගතව සිටියද දාමරිකයන් ඉදිරියෙහි දණ නොමන බව පවසා සිටියා.
Subscribe to:
Comments (Atom)